මහනුවර, අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට ඇති රජයේ නිල නිවසක් පිටුපස තිබියදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර එම නිල නිවස පිටුපස ආලින්ද කොටසේ තිබියදී මළ සිරුර හමු වී තිබෙනවා.
එම මළ සිරුර මීට සතියකට පමණ ඉහතදී මියගිය අයකුගේ බවටයි පොලිසිය සැක කරන්නේ.
දැනට දීර්ඝ කාලයක් වසා දමා තිබෙන එම නිල නිවස මේ වනවිට ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (12) අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එම ස්ථානයට කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබූ අතර මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…