ශ්‍රී ලංකා

අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කරන ආලේපන ගැන දැනුම්දීමක් !

අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ වර්තමානයේ කාන්තාවන් අන්තර්ජාලය හරහා සම සුදුකර ගැනීමේ ආලේපන භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බවයි.

ආලේපන වර්ග වෙළදාමට පනවා තිබූ නියාමනයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සදහන් කළා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අසේල බණ්ඩාර මහතා,

“විශේෂයෙන් සමාජ මාධ්‍යට ගියොත් දකින්න ලැබෙනවා වෙළෙඳ දැන්වීම් එනවා ඉතාමත් ලස්සන කාන්තාවක් ඇවිල්ලා මම ගාන්නේ අහවල් ක්‍රීම් වර්ගය කියලා එයා ක්‍රීම් වර්ගයක් ඉදිරිපත් කරනවා වෙන්නේ පුළුවන්. අපි ඒක දකින්නේ වෙළෙඳ දැන්වීමක් ලෙස තමයි.

ඒ වෙළෙඳ දැන්වීම බැලුවොත් ඒ වෙළෙඳ දැන්වීම දාපු කෙනාගේ දුරකථන අංකයක් විතරක් තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහර විට දුරකථන අංකයකුත් නැහැ, ලිපිනයකුත් නැහැ. විශේෂයෙන්ම සමේ ආලෙප කරන මේ වගේ දේවල් අපි ගෙන්නගෙන පාවිච්චි කරලා යම් කිසි ගැටලුවක් අවොත් එහෙම අපිට හොයාගන්න බැහැ කොයි වගේ පුද්ගලයෙක්ද අපිට මේ භාණ්ඩය විකුණුවේ කියලා.

ඒ කියන කාරණය සම්බන්ධයෙන් අපේ කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ සාමාජ මාධ්‍ය ඔස්සේ මේ වගේ දෙවල් ඇනවුම් කරලා ලබාගැනීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔය කියන ක්‍රීම් වර්ග ආලේපන වර්ග භාවිතා කිරීමෙන් අපි අයින් වෙන්න ඕනේ.”

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago