දේශපාලන

කලකිරුණු හිරුණිකා ඉල්ලා අස් වෙයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව පවසා තිබෙනවා.

ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

කෙසේ වෙතත්, තමන් පක්ෂය හැර නොයන බවද ඈ පවසා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයේ වගකීම, සජිත් ප්‍රේමදාස මහතාට ඉතාම සමීප පාර්ශ්ව විසින්, පක්ෂයේ බිම්මට්ටමේ නායකයන් පිට පැටවීම සම්බන්ධයෙන් තමන් කලකිරී සිටින බවද ඇය පවසා තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට ආසන සංවිධායකයන් නිසි ලෙස කටයුතු නොකිරීම බවට සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයකු චෝදනා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බැවින් මෙලෙස එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඇය පැවසුවාය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago