ශ්‍රී ලංකා

නිලාර් එන්. කාසිම් යළිත් ACPOSL මුල් පුටුවට !

ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) සමස්ත සාමාජිකත්වයේ ඒකමතික තීන්දුවෙන් එහි සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන් කාසිම් මහතා යළි පත්කර තිබේ.

එහි අධ්‍යක්ෂ මණ්ඩලය වශයෙන් සරත් ද අල්විස්, සමන්ත පෙරේරා, භාතිය ජයකොඩි, රංග දසනායක, රාජ් තිල්ලෙයාන්පලම්, චින්තක ජයකොඩි, අමිත් ලියනගේ සහ නිසල් ගමගේ යන මහත්වරුන් පත් වී ඇත.

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය අරභයා ප්‍රබල මැදිහත් වීමක් කරන මෙම සංවිධානයේ සාමාජිකත්වය හොබවන්නේ සංගීතවේදීන්, ගේය පද රචකයන් හා සංගීත ප්‍රකාශකයන්ය.

එහි වාර්ෂික මහා සභා රැස්වීම ඔක්තෝබර් 10 වැනිදා කොළඹදී පැවැත්වුණු අතර Acposl සමස්ත සාමාජිකත්වය විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව පත්කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මාධ්‍යවල ගීත විකාශය කිරීමේදී සහ මහජනයා හමුවේ ගීත ඉදිරිපත් කිරීම්වලදී ගෙවිය යුතු කර්තෘ භාග ඒකරාශී කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ සාමූහික සංගමයකටය. ACPOSL එවන් සාමූහික සංගමයකි. ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට අනුව රටකට එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පැවතිය හැක්කේ එක් සාමූහික සංගමයක් වන අතර ඒ අනුව සංස්ථාපිත වූ මෙරට සාමූහික සංගමය වන්නේ ACPOSL පමණි. එහි කටයුතු බුද්ධිමය දේපල කාර්යාලය මගින් අධික්ෂණය කෙරේ. ඊට අමතරව මෙම සංගමය cisac හෙවත් සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත කර්තෘවරුන්ගේ සමාජවල ජාත්‍යන්තර සම්මේලනය සමඟ මෙන්ම WIPO හෙවත් ලෝක බුද්ධිමය දේපල සංවිධානය හා ගිවිසුම්ගතව එහි නිර්ණායක මත පදනම්ව කටයුතු කරයි.

මෙම සංවිධානයේ සභාපතිවරයා වශයෙන් මීට පෙර කටයුතු කරන ලද්දේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වූ ඩබ්ලිව්. බී. ගනේගල මහතාවන අතර මෙම සංගමය ආරම්භයේදී නායකත්වය දුන්නේ ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාය.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago