අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව දන්වා තිබෙනවා.
ඒ අනූව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ මෙම අයදුම්පත් කැඳවීම සිදු කරන බවයි.
ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ (අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම) නමින් පලකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුයි.
ඒ අනුව, නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ඔක්තෝබර් මස 28 වැනි දින හෝ ඊට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව-කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ / විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ” අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීම” යනුවෙන් සඳහන් කළ යුතු වෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…