මතභේදකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) උදෑසන විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට සිදු කළ විමර්ශනවලදි තොරතුරු අනාවරණය වීමත් සමග ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බවට තීරණය කර ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය තුළ දැනට අත්හිටුවා ඇති පිළිතුරු පත්‍ර පරීක්ෂා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතයි.
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කමිටු කිහිපයක් පත් කළ අතර එම පරීක්ෂණ කණ්ඩායම්වල අවසන් තීරණය වී ඇත්තේ විභාගයට පෙර පිටවී ඇත්තේ ප්‍රශ්න 03ක් පමණක් බවයි.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනනම පරීක්ෂණයක් ආරම්භ කළේය.
එහෙත් දෙමව්පියන් පිරිසක් අවස්ථා කිහිපයක දී මාධ්‍ය හමු පවත්වමින් සහ උද්ඝෝෂණ පවත්වමින් සදහන් කළේ සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම පිටවී ඇති බවය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග එම දෙමව්පියන් සාකච්ඡා කළ අතර එහි ප්‍රථිපලයක් ලෙස පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අත්හිටුවනු ලැබීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…