ශ්‍රී ලංකා

රජයේ රස පරීක්ෂක තනතුර අලුත් වෙයි !

රජයේ රස පරීක්ෂක ලෙස සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය 2024 ඔක්තෝබර් 11 දින සිට සිට විශ්‍රාම ලබා තිබීම හේතුවෙන් එම තනතුර සඳහා නව නිලධාරිනියක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය විජිත හේරත් අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී සඳහන් කලා.

ඒ අනූව රජයේ රස පරීක්ෂක තනතුර සඳහා සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අනුව පුරප්පාඩු වී ඇති එකී තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මීළඟට ඉහළම ජ්‍යෙෂ්ඨතාව හිමි, දැනට රජයේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago