ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා ඉකුත් 10/21 දින පැමිණෙමින් තිබූ යූ.එල්.- 607 දරණ ගුවන් යානයෙහි සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ වැඩ තහනම් කර, ඔවුන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරනවා.
මෙම ගුවන් යානයේ සේවය කළ සහායක නියමුවරයා, සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළිය වෙත ගොස් ආපසු පැමිණි විට, ප්‍රධාන ගුවන් නියමුවා විසින්, සහායක නියමුවාට යළිත් නියමු කුටියට පිවිසීම සඳහා දොර විවෘත නොකිරීම නිසා මෙම සිදුවීම ඇති වී ඇති බව සඳහන්ය.
මෙම සිදුවීම සඳහා මෙම ගුවන් නියමුවන් අතර ඇති වී තිබූ මතභේදාත්මක තත්වයක් පසුබිම් වී ඇති බවටද අනාවරණය වී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් මගීන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනයේ පිරිවිතරයන් අනුගමනය කරමින්, මෙසේ මෙම ගුවන් නියමුවන්ගේ සේවය අත්හිටුවා, ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…