දේශපාලන

සජබ සභාපති ඉමිතිහාස් බාකිර්ගෙන් එජාප පාක්ෂිකයන්ට ආරාධනයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී සිදු කළේ තමනුත්, තම පක්ෂයත් නසාගෙන සජබයත් විනාශ කරන මෙහෙයුමක් බව සජබ සභාපති ඉමිතිහාස් බාකිර් මාකර් පවසනවා.

බැවින් තවදුරටත් ඔහුට නොරැවටී සමගි ජන බලවේගයත් සමග එකතු වන ලෙස එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ සභාපති ඉමිතිහාස් බාකිර් මාකර්,

රනිල් වික්‍රමසිංහ මහතා සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් මේ ඡන්දයේදී කළේ. තමනුත් විනාශ වෙලා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තියෙන සමගි ජන බලවේගයත් විනාශ කරන මෙහෙයුමක යෙදුණේ. ඒකෙන් අපේ පක්ෂයේ විශාල ප්‍රමාණයක් ඩැහැගත්තා. ඒ නිසා තමයි අපි පරාජයට පත් වුණේ.

ඒ නිසා එජාපය කෙරෙහි විශ්වාසය තබාගෙන ඉන්න ජනතාව කරුණාකර බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ඡන්දයේදී බහුතර විශ්වාසයක් තියෙන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන්න එජාප පාක්ෂිකයන්ට පුළුවන්. නැත්නම් මේ රට අනතුරකට යනවා.

සාර්ථක ගමනක් ගිය රටවල් ගිය පාරේ ආර්ථික වශයෙන් වැටිලා ඉඳලා නැවත නැගිටලා ගිය පාරේ අපේ රට යන්න නම් ඒකට අවශ්‍ය දැක්ම තියෙන්න ඕනෑ. ඊට දක්ෂ කණ්ඩායමක් ඉන්න කොතැනද කියලා හිතලා බලන්න.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago