විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (14) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, උප සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ද ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට ලිඛිතව දැනුම් දී තිබේ.
2020 වර්ෂයේ දී පත්කෙරුණු වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට නියමිතව තිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…