ශ්‍රී ලංකා

දරුවන්ගේ කැමැත්තට ඡන්දය දෙන්න එපා – තොණ්ඩමන් කියයි !

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

ඒ අනුව, ජනපතිවරණයේදී දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිත කළත් මහ මැතිවරණයේදි සිය කැමැත්තට අනුව ලංකා කම්කරු කොන්ග්‍රසය කෙරෙහි විශ්වාසය තබා අලියා සලකුණට ජන්දය භාවිතා කරන ලෙස ඔහු වතු කම්කරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතික සන්ධානයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට අලියා සලකුණින් තරග කරන ජිවන් තොණ්ඩමන් මහතා අද (16) දින නොර්වුඩ් නිව්වැලි වත්තේදි මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් මේ බව පවසා සිටියා.

ගත වු සිව් වසර තුළ තමන්ට ලැබුණු ප්‍රතිපාදන අනුව වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට කටයුතු කළ බවත්, වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට මෙතෙක් අවස්තාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ පමණක් බවත් ජිවන් තොණ්ඩමන් මහතා මෙහිදී පවසා තිබෙනවා.

වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට ලැබෙන ඡන්ද ප්‍රතිශතය අඩු කිරීමට ස්වාදීන කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් වතුකරයේ තරුණ කණ්ඩායම් කිහිපයක් කටයුතු කරන බවත්, එම කණ්ඩායම් වලට හසු නොවී අලියා සලකුණ දිනවිමට කටයුතු කරන ලෙසත් ඔහු මෙහිදී සඳහන් කර තිබුණා.

ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී පවසා සිටියේ කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටින තම දරුවන් මැතිවරණ කාලයේ නිවසට පැමිණ ඡන්දය අහවල් සලකුණට ලබාදෙන ලෙස පවසා යළිත් රැකියා ස්ථාන වෙත යන නමුත් වතුකරයේ රැඳී සිටින්නේ වතු කම්කරුවන් බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා සිටි විශාල පිරිසක් මේ වන විට විවිධ දේශපාලන කණ්ඩායම් වලට බෙදි මහ මැතිවරණයට ඉදිරිපත් වි ඇති බවත්, ලංකා කම්කරු කොන්ග්‍රසය කිසි දිනක දේශපාලන වාසි තකා කටයුතු නොකරන පක්ෂයක් බවයි ජිවන් තොණ්ඩමන් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago