ශ්‍රී ලංකා

අගමැතිණිය සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් අතර විශේෂ සාකච්ඡාවක් !

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ හා ශිෂ්‍ය සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පවත්වා තිබෙනවා.

එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සහ ඔවුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කෙරුණු බව සඳහන්.

මෙම සාකච්ඡාව සදහා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

මේ වෙද්දී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සහ පොදුවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මේවාට කඩිනමින් විසඳුම් ලබා දෙන්න කියන යෝජනාව තමා අපි සිද්ධ කළේ.

මේවා ඇතුළේ අපි හඳුනගන්නවා, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව බරපතල අර්බුදයක් විදිහට තියෙනවා. නිදහස් අධ්‍යාපනය මුළුමනින්ම විනාශ කිරීම සඳහා. උසස් අධ්‍යාපනයට සහ පාසල් අධ්‍යාපනය කියන ක්ෂේත්‍ර දෙකකට අදාළව තමයි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අරගෙන එන්නේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ වෙද්දී තැන තැන පොකුරු පිටින් හතු පිපෙනවා වගේ රට පුරාම ස්ථාපිත කරනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් මේ වෙද්දී වසර කණ්ඩායම් දෙකක් බඳවගෙන තියෙනවා. වෛද්‍ය උපාධිය මුදලට විකුණන්න. එක් කෝටි ලක්ෂ 50කට තමා ඔවුන් වෛද්‍ය උපාධිය මුදලට දෙන්න සූදානම් වෙන්නේ.

එතකොට අපි පැහැදිලිවම රටේ පොදු මහජනතාවට ආදරයට කරන දේවල් නෙවෙයි. මොකද එහෙම කියන්නේ, රජයේ වෛද්‍ය පීඨවල විශාල අර්බුද ප්‍රමාණයක් නිර්මාණය කරලා.”

Team CNF

Share
Published by
Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago