මේ වනවිට බදු ගෙවීම් පහැර හැරීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස්ගෙන් එම බදු මුදල යළි අය කරගැනීම සඳහා බදු මුදල උසාවිගේ ගිනුම් අංකයකට බැර කරගැනීමට අදාල කටයුතු නීතිමය කටයුතු නුදුරේදීම සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලි චන්ද්‍රසේකර අවධාරණය කරනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩු පවරන නමුත් පැහැර හැරිය බදු මුදල් අය කරගැනීමේ බලය ඇත්තේ උසාවියට බැවින් එම නෛතික ක්‍රියාවලිය තුළ බදු අය කරගැනීම සිදුවනු ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පෙන්වා දෙනවා.
උසාවිය නිකුත් කරන නියෝගය අනුව නොගෙවූ බදු මුදල් සහ දඩ මුදල් ඇලෝසියස් සතු බැංකු ගිනුම්වල මුදල්වලින් හෝ ඔහුගේ දේපල අත්පත් කරගැනීමකින් පියවීමේ බලය දේශීය ආදායම් පනතට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියට නීති ප්‍රතිපාදන හිමි වී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…