මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැය කළ හැකි වියදම් සීමාව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි වැඩිම මුදල වන රුපියල් පනස් හත් ලක්ෂ පනස් දහසක් (5,750,000) කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් වෙනුවෙන් ලබා දී තිබෙනවා .
පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ රුපියල් අට කෝටි දාහත් ලක්ෂ තිස් පන්දහස් පනස් පහක්. (81,735,055)
ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල වන රුපියල් තිස් පන් දහස් හයසියය හැත්තෑ හත (35,677) ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වෙන් කර තිබේ.
අඩුම මුදල් ප්‍රමාණය තීරණය කර ඇත්තේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය සඳහායි. එහි එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් දාසය ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය හතලිස් තුනකි.(1,673,243). එම දිස්ත්‍රික්කයේ පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් අනූනව ලක්ෂ දහතුන් දහස් නවසිය හැටහතරකි. (9,913,964).
එහි ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් හාරදහස් තුන්සිය විසි හතකි.(4,327)සෙසු දිස්ත්‍රික්ක සදහා ද මෙලෙස වැය කළ හැකි උපරිම මුදල තීරණය කර ඇත .මෙම වියදම් වාර්තා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දිය යුතුය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කල මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ විධිවිධාන පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…