බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් අසීනා පසුගිය අගෝස්තු මස එරට පැවති මහජන විරෝධතා හේතුවෙන් බලයෙන් පහකර ඉන්දියාවට පලා ගියා. එලෙස පලා ගිය හිටපු අගමැතිනි අත්අඩංගුවට ගන්නා ලෙස බංග්ලාදේශ අධිකරණයක් නියෝග කර තිබෙනවා.
හසීනා බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICT) අවශ්‍යව ඇත්තේ, සිය ගණනක් මිය ගිය පෙළපාලි අතරතුර සිදු වූ “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” වලට ඇය සම්බන්ධ යැයි සඳහන් වන බැවිනි.
ඒ අනුව හිටපු අගමැතිනියව අත්අඩංගුවට ගෙන නොවැම්බර් 18 වැනිදා ඇයව උසාවියට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
වසර 20කට වැඩි කාලයක් බංගලාදේශය ඒකාධිපති පාලනයක් ගෙන ගිය හසීනාට අමතරව රටින් පැන ගිය රජයේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු තවත් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.
77 හැවිරිදි හසීනා බංග්ලාදේශයෙන් පලා ගිය පසු යළි ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. ඇයගේ අවසන් නිල ස්ථානය ඉන්දියාවේ දිල්ලි අගනුවර අසල පිහිටි ගුවන් හමුදා කඳවුරක් බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…