පවතින අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් වසංගත රෝගවල වර්ධනයක් දක්නට ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ජල ගැලීම් තත්ත්වය නිසා අපිරිසිදු ජලය හා ආහාර පරිභෝජනය හේතුවෙන් විශේෂයෙන්ම වැඩිහිටියන් හා දරුවන් අතර පාචනය, ඉන්ෆ්ලුවෙන්සා, උණසන්නිපාතය, අතීසාරය වැනි රෝග තත්ත්වයන් විය හැකි බවට ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.
මෙකී රෝගයන්හි රෝග ලක්‍ෂණ වශයෙන් අධික උණ, හිසරදය, වමනය, රුධිරය සමග වමනය, බඩේ රුදාව, අධික සෙම තත්ත්වය, විජලනය ආදිය හඳුනාගත හැකි අතර මෙම රෝග ලක්‍ෂණ ඇත්නම් වහා වෛද්‍ය උපදෙස් හරහා ප්‍රතිකාරවලට යොමුවීම වැදගත් බවත් වෛද්‍යවරයා පැවසීය. මෙම රෝග අවදානමෙන් ආරක්‍ෂා වීම සඳහා නිතර පිරිසිදු ජලය පානය, සෞඛ්‍යවත් ආහාර භාවිතය මෙන්ම නිතර විටමින් සී බහුල ආහාර ගැනීම සුදුසු යැයි ද වෛද්‍යවරයා පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…