ශ්‍රී ලංකා

ප්‍රධාන ගුවන් නියමුවරයා නිසා ශ්‍රී ලංකා ගුවන් සේවයට තරුවක් අහිමි වෙයි !

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් සිඩ්නි සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ එයාර්බස් A330 වර්ගයේ ගුවන් යානයක සහායක ගුවන් නියමුවරිය පිටත තබා නියමු කුටිය එහි ප්‍රධාන නියමුවරයා විසින් අගුලු දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊට අදාළ සියලුම පරීක්ෂණ ස්වාධීනව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම චෝදනාවන්වලට ලක්වූ ප්‍රධාන නියමුවරයා සේවයෙන් ඉල්ලා අස්වී ඇති නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණ සඳහා එය බාධාවක් නොවන බවයි එම ගුවන් සමාගම සඳහන් කරන්නේ.

මෙහිදී අදාල සිදුවීමෙන් අනතුරුව airlineratings.com වෙබ් අඩවිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම අතිශය බරපතල ලෙස සලකන බවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්‍ෂිත ශ්‍රේණිගත කිරීම් තරු 07 සිට 06ක් දක්වා මෙම සිදුවීම හේතුවෙන් පහත හෙළීමට කටයුතු කළ බවයි.

Aviation Herald (AV) ට අනුව, අදාළ ප්‍රධාන ගුවන් නියමුවරයා තම සහායක නිලධාරිනියට ආපසු නියමු කුටියට පැමිණීමට නොහැකිවන ලෙස දොර වසා දමා කටයුතු කර ඇති අතර, මේ සඳහා ඇය සහ ගුවන් යානයේ නියමුවරයා අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මුල් වී තිබෙන බවයි සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago