ශ්‍රී ලංකා

වාහන ආදායම් බලපත්‍ර ගැන විශේෂ තීරණයක් !

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මහජනතාව අපහසුතාවට පත් වන කරුණක් සම්බන්ධව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනූව වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන්නැයි අමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබා දී තිබෙනවා.

බස්නාහිර පළාතේ පදිංචි කරුවකුගේ වාහනයක් වෙනත් පළාතක ලියාපදිංචි වී ඇති අවස්ථාවක එම පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සලකා බලා ඉහත පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම නිසා ජනතාව මුහුණ දෙන ගැටළුවට විසැඳුම් ලෙස මෙම පියවර ගෙන තිබෙනවා.

එම නිසා බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නැයි අමාත්‍ය විජිත හේරත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago