ශ්‍රී ලංකා

සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කල HPV එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් !

ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සදහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරුණු දක්වා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයට අනූව අදාළ සිසුවියන් තුළ නිරීක්ෂණය කරන ලද රෝග ලක්ෂණ වන උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ආදිය දිගුකාලීන හානියක් සිදු නොවන, එන්නත ලබාදෙන මොහොතේ ඇති වූ කාංසා තත්ත්වය ආශ්‍රිත ප්‍රතික්‍රියාවක් බව පෙන්වා දී තිබෙනවා.

අදාළ සිසුවියන් වෙත එහිදී කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවන බව වැඩිදුරටත් සඳහන් වනවා.

පාසල් එන්නත් වැඩසටහන්වලදී එවැනි ප්‍රතික්‍රියා දැකිය හැකි අතර, අනවශ්‍ය කැළඹීමකට පත් නොවිය යුතු බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව සාමාන්‍ය ක්‍රියාදාම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එහි සඳහන් වේ.

HPV එන්නතෙහි ආරක්ෂාව පිළිබදව විශ්වාසය තහවුරු කර ගන්නා ලෙසත්, නියමිත එන්නත් මාත්‍රාවන් සම්පූර්ණ කිරීමෙන් තම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය සියළුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago