මෙගාවොට් සීයක ධාරිතාවෙන් යුත් ඒස් ඇඹිලිපිටිය ඩීසල් බලාගාරය රජයට පවරාගන්නා ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, ජනපතිගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනූව ඔහු අනුර කුමාර දිසානායක වෙත ඊයේ (18) විද්‍යුත් ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.
එය රජයට පවරා නොගැනීම නිසා මේ වන විට මිලියන දොළොස්දහක පාඩුවක් සිදුවී ඇති බව එම ලිපියේ සඳහන්.
සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ධුරය දරන සමයේදී මෙම බලාගාරය රජයට පවරා ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇති බවද එහි දැක්වෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් සංජීව ධම්මික මහතා මෙසේ කියා සිටියා.
“හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ මේ බලාගාරයෙන් මෙගාවොට් සීයක් විදුලි බල මණ්ඩලය ගන්නවා. ඒ විදිහට විදුලිය ගත්තත් නැතත් ගිවිසුමට අනුව මාසිකව රජය මේ බලාගාරයට මිලියන අනූවක් ගෙවිය යුතු වෙනවා.”
“පෙර තිබූ ගිවිසුම්වලට අනුව හරි නම් මේ බලාගාරය 2015 දී රජයට අයිති විය යුතුයි. නමුත් මේක පවරගත්තේ නෑ. මේ වනවිට ප්‍රාග්ධන වියදම් සියල්ලම රජය ගෙවලා ඉවරයි.
ඒ නිසා රජයට අයිති විය යුතු බලාගාරයකට මුදල් ගෙව ගෙව විදුලිය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නෑ. ඒ වගේම විගණකාධිපතිවරයාත් මේ බලාගාරය රජයට පවරාගන්න කියා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
අපි පසුගිය ආණ්ඩුවලට චෝදනා කළේ හදිසි විදුලි මිලදී ගැනීම් මගින් ඩීල් දමා මුදල් ගසා කෑමේ අරමුණින් මේ බලාගාරය පවරාගන්නේ නැතුව දිගින් දිගටම හදිසි මිලදී ගැනීම කරන බවටයි.
ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ බලාගාරය රජයට පවරාගෙන අක්‍රමිකතා වෙන්න තියෙන ඉඩකඩ අහුරන්න කියලා.”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…