ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස දෙසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කර පැය කිහිපයකට පසු සෙනසුරාදා ඊශ්‍රායලයේ සිසේරියා හි පිහිටි ඊශ්‍රායල අගමැතිවරයාගේ පෞද්ගලික නිවස දෙසට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබේ.
ලෙබනන් ප්‍රහාර වලින් මෙලෙස නෙතන්යාහුගේ නිවස විනාශ වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
“අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයේ නොසිටි අතර, සිද්ධියෙන් කිසිදු තුවාලයක් සිදුවී නොමැත” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කර ඇත.
නෙතන්යාහු, සිසේරියා සහ ජෙරුසලමේ පෞද්ගලික නිවාස දෙකක් භාවිතා කරන අතර දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින ජෙරුසලමේ අගමැතිගේ නිල නිවස වන හි මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ කාලය ගත කර ඇතැයි ද සදහන් වේ.
කෙසේ නමුත් ප්‍රහාර එල්ල වූ මෙම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ කොටසක්ද යන්න හෝ හානියේ ප්‍රමාණය ඊශ්‍රායල රජය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…