2022 වසරේදී පුෂ්පිකා ද සිල්වාගෙන් ‘මිසිස් ශ්‍රී ලංකා’ කිරුළ ඉවත් කිරීමෙන් පසු, ඇයට එය නැවත ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
පුෂ්පිකා ද සිල්වා විසින් ගොනුකළ නඩුවකින් පසු ගල්කිස්ස දිසා අධිකරණය බ්‍රහස්පතින්දා මෙම නියෝගය ලබා දී තිබෙනවා.
එම වසරේ එක්සත් ජනපදයේ පැවති ගෝලීය ඉසව්ව ජයග්‍රහණය කිරීමේදී පුෂ්පිකා නුසුදුසුකාරියක වූ බව බව පවසමින් 2022 දී ඇයගේ දේශීය කිරුළ ඇයගෙන් ඉවත් කර තිබුණි. පුෂ්පිකා ද සිල්වාගේ ප්‍රකාශයන් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානියක් වූ බව දේශීය සංවිධායකයන් එකල පවසා තිබිණි.
ඇයගේ ‘මිසිස් ශ්‍රී ලංකා’ නාමය ඉවත් කර ඇති අතර එය කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් සඳහා භාවිත කිරීම තහනම් කර ඇති බව එහිදී වැඩිදුරටත් සඳහන් විය.
කෙසේවෙතත්, බ්‍රහස්පතින්දා අධිකරණ තීන්දුවෙන් පසු දේශීය සංවිධායකයන් ප්‍රකාශකළේ, තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, 2021 වසර සඳහා කිරුළේ නියම හිමිකාරිය පුෂ්පිකා ද සිල්වා බවත්ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…