ශ්‍රී ලංකා

කන්තලේ සීනි කර්මාන්තශාලාව ආරම්භ කරන්න වියදම් කළ මිලියන 139ක් වතුරෙ – විගණනය කියයි !

කන්තලේ සීනි කර්මාන්තශාලාව ආරම්භ කිරීම සඳහා ඉකුත් වසර 12ක කාලය තුළ දි උක් පර්යේෂණ ආයතනය විසින් පුනරාවර්ථන හා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් මිලියන 139ක මුදලක් වැයකර තිබුනද කන්තලේ සිනි කර්මාන්තශාලාව මේ වනතෙක් ආරම්භ කිරීමට නොහැකිවිම නිසා දරන ලැබු වියදම නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වනවා.

උක් පර්යේෂණ ආයතනය විසින් කන්තලේ සිනි කර්මාන්තශාලාව ආරම්භ කිරිමේ අරමුණින් ඊට අවශ්‍ය බිජ උක් සැපයිම, ප්‍රදේශයට සුදුසු උක් ප්‍රභේද තෝරාගැනිම ඇතුළුව පර්යේෂණ කටයුතු සදහා පහසුකම් සැපයිම අරමුණු කරගෙන 2011 වර්ෂයේ දි සිනි කර්මාන්ත ශාලව සතු ඉඩමෙන් අක්කර 400ක භුමි ප්‍රමාණයක් හා ගොඩනැගිලි 13ක් මිලදිගෙන තිබුණා.

මේ සදහා 27 දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩලයක් අනුයුක්ත කර තිබුණා.

2023 වර්ෂය දක්වා වසර 12ක කාලය තුල රුපියල් මිලියන 139 ක මුදලක් මේ සදහා වැයකර තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වනවා. මෙකි වත්කම්වලින් නිසි ප්‍රයෝජනය ලබා ගැනිමට කටයුතු කළයුතු බවද විගණනය මගින් නිර්දේශ කොට ඇත.

රේඛය අමාත්‍යාංශය සමග සාකච්ඡාකොට ලිඛිත උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන බවට උක් පර්යේෂණ ආයතනය විසින් විගණනයට සඳහන් කොට ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago