හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ නිල රථ 08ක් පවතින බවට දක්වා ඇති නිවේදනයේ තොරතුරු නිවැරදි නොවන බව මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ, “හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැහැ’’ යන ශීර්ෂය යටතේ රාජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්.
මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරන පරිදි හිටපු ජනාධිපතිවරයා යටතේ පවතින නිල රථ සංඛ්‍යාව 06ක්.
ඉන් රථ තුනක හෙට (21) දිනයේදී නැවත භාරදීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.
ඒ අතර ගිලන් රථයක් ද ඇතුළත් බවයි මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි සේවා විසින් නිකුත් කර ඇති ආරක්ෂක තක්සේරු වාර්තා හා බුද්ධි තොරතුරු අනුව දැනට ලංකාවේ සිටින දේශපාලනික නායකයින් අතරින් ඉහළම තර්ජනයකට ලක්ව සිටින දේශපාලනඥයා ලෙසයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලකෙන්නේ.
මෙම නිල රථ ඔහුගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ බවට අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…