ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (19) දා යාපනයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බව වාර්තාවනවා.
හිටපු මන්ත්‍රීවරයා ගත වූ කාලයේ පක්ෂයේ අභ්‍යන්තර වශයෙන් සිදු වූ අර්බූද රාශියක් නිසා දැඩි ලෙස කලකිරීමට පත්ව ඔහු පක්ෂයේ වගකීම් වලින් ඉවත් වී හුදෙකලාව විසීමට තීරණය කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය දිනෙක ප්‍රකාශ කළා.
ඉන් පසුවද මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව පක්ෂයේම පිරිසක් අධිකරණයට පවා ගොස් සිටි අතර ඔහු ඒ සෑම සිද්ධියකින්ම දැඩි ලෙස කම්පාවට පත්ව සිටි බවයි වාර්තා වෙන්නේ.
මේ තත්ත්වය මන්ත්‍රීවරයාගේ හදිසි අසනීප තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිටි දැඩි අසනීප තත්ත්වයෙන්ම තවමත් සිටින බවයි යාපනය පෞද්ගලික රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කර සිටියේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…