හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් දෙමහල් නිවස සහ මියගිය පුද්ගලයින් පිළිබඳ මූලික පොලිස් විමර්ශනවලදී සිදු වූ අනාවරණ අනූව එම නිවසේ සිටි පියා, සිය දියණිය සහ බිරිඳ ඝාතනය කර ඔහු ද ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා.
නිවසේ පහත මහලේ කාමරයක් මත තිබී ගෙළ සිඳී ගිය කාන්තා මළ සිරුරක් හමු වූ අතර ආලින්දයේ තිබී පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් පොලිසිය සොයා ගත්තා.
51 හැවිරිදි පියා 44 හැවිරිදි මව සහ 15 හැවිරිදි දියණිය මෙලෙස මියගොස් ඇති බවයි, වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වූයේ.
පොලිසිය සඳහන් කළේ, ගෙළ සිඳී මියගොස් සිටි කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරිනියක් වූ අතර පිළිස්සී මියගිය පුද්ගලයා ඉඩම් කොටස් කිරීමේ ව්‍යාපාරයක නිරතවූවෙකු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන අංශ කිහිපයක් ඔස්සේ ආරම්භ කෙරුණා. ඒ අනුව පිළිස්සී මියගිය පුද්ගලයා සිය බිරිඳගේ ගෙළ සිඳ ඝාතනය කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරුව උපකාරක පන්තියකට සහභාගී වී සිටි දියණිය නිවසට පැමිණි පසු ඇය ද ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවලින් හෙළි වූ බව පොලිසිය ප්‍රකාශ කළා. දැනට ලැබී ඇති සාක්ෂි මත විමර්ශන නිලධාරීන් තහවුරු කරගෙන ඇත්තේ, දියණියගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තබා ඇති එම පුද්ගලයා ද ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි.
ඔහුගේ බිරිඳට අයත් ඉඩමක් සම්බන්ධයෙන් කලක පටන් දෙදෙනා අතර ආරවුලක් පැවති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසු සිය දියණිය සහ බිරිඳ ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවයි, මූලික පොලිස් විමර්ශනවලින් තහවුරු කරගෙන ඇත්තේ.
කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක පරීක්ෂණ කළ යුතු බව පොලිසිය ප්‍රකාශ කළා. මළ සිරුරු තුනට අදාළ පශ්චාත් මරණ පරික්ෂණය හලාවත මහ රෝහලේදී අද සිදු කෙරෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…