දේශපාලන

මම දේශපාලනයට ආවේ වංචා සොරකම් කරන්න නෙවෙයි – චෝදනා ඔප්පු කලොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා – රෝහිත අබේගුණවර්ධන !

මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකකට තමාගේ සම්බන්ධයක් ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව ඊයේ (22) කළුතරදී මාධ්‍ය අමතමින් හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විශේෂ ප්‍රකාශයක් සිදු කලා.

මහනුවර ප්‍රදේශයේ නිවසක රුපියල් කෝටි හයක් පමණ වටිනා BMW වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ ජීප් රථයක් සඟවා තිබී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘මුලින්ම කිව්වා එම වාහනවලට මගේ බෑනා කෙනෙක් සම්බන්ධයි කියලා. පසුව කියනවා බෑනාගේ අයියා කෙනෙක්ලු. මේ වාහනවලට මගේ කිසිම සම්බන්ධයක් නෑ. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමුගන්නවා. එපමණක් නොවෙයි මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස්වෙනවා.

මම දේශපාලනයට ආවේ වංචා සොරකම් කරන්න නොවෙයි. නොකළ දේවල්වලට චෝදනා එල්ල කරනවා. මෙහි ඇත්ත සොයන්න කියා ඉල්ලනවා.

දේශපාලන මඩ ගහන්න මේවා භාවිතා කරන්න එපා. මේ කියන වාහනවලට මම හෝ බෑනාගේ සම්බන්ධයක් නෑ. වෙන කවුරුන් හෝ වරදක් කළොත් මම පළිද? මගේ ගෙදරත් වාහන තියෙනවා. මේ සියල්ල ලියාපදිංචි කළ වාහන. මම වරදක් කර ඇත්නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා.

මේ වනවිට මැතිවරණයක් ක්‍රියාත්මක වෙනවා. වෙන පක්ෂවලට මේ පුවත් ලොකු වාසියක්. මේ මැතිවරණයේදී තියෙන්නේ මනාප තරගයක්. සමහර මාධ්‍ය නඩු අහල තීන්දුත් දෙනවා. මම වරාය ඇමැතිකමෙන් අස්වුණේ අවුරුදු දෙකකට කලින්. මහින්ද මහත්තයා එක්ක මමත් ඉවත් වෙනවා. අද වනතුරු චෝදනාවක් නෑ. මම සියලු දේවල් සිදු කර ඇත්තේ නීත්‍යානුකූලව.

තව පුවතක් යනව මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක් එම නිවසේ ඉන්න බව. එහෙම නම් පාර්ලිමේන්තුවේ එම විස්තර තියෙනවා. බොරුවට ආයුෂ නෑ. ඇත්ත ඉක්මනින් එළියට එනවා.’

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago