විදේශ

BRICS සමුළුව අදින් ඇරඹෙයි !

බටහිර නොවන ලෝකයේ නැගී එන බලපෑම ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් අද සිට ලබන 24 දක්වා රුසියාවේ Kazan හීදී BRICS සමුළුව ආරම්භ කරනවා.

එහි සාමාජික රටවල් නියෝජනය කරමින් චීන ජනපති ෂී ජින් පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු නැගී එන ලෝක බලවතුන් 20 දෙනෙක් එක් වීමට නියමිතයි.

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව නියෝජනයෙන් ලත් සංවිධානයක්. බටහිර ප්‍රමුඛ ලෝකයට ප්‍රතිවිරෝධකයක් ලෙස බොහෝ විට හඳුන්වනු ලබන මෙම කණ්ඩායමට ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් කරගෙන තවත් පුළුල් වී තිබෙනවා.

සෞදි අරාබියටද ඒ සඳහා එක්වීමට ඔවුන් ආරාධනා කර ඇති බව සඳහන්.

මෙම සමුළුව ආරම්භ කිරීමට පෙර වාර්තා කරුවන් අමතමින් ජනපති පුටින් පවසා ඇත්තේ, BRICS යනු කිසිවකුට විරුද්ධ නොවන, සංවර්ධනය පිළිබඳ පොදු දැක්මක් සහ වඩාත් වැදගත් ලෙස එකිනෙකාගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීමේ මූලධර්මය මත පදනම්ව එකට වැඩ කරන රාජ්‍යයන්ගේ සංගමයක් බවයි.

කෙසේ වෙතත් බටහිරයන් විසින් යුද අපරාධකරුවෙකු ලෙස හඳුන්වනු ලබන පුටින්ගෙන් චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ අරාබි ලෝකයේ හවුල්කරුවන් යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට ක්‍රමයක් සොයා ගන්නා ලෙස මෙහිදී ඉල්ලා සිටිනු ඇති.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago