ශ්‍රී ලංකා

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් ? – ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් !

ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා.

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳ විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.

පූර්වාරක්ෂාවක් ලෙස, තානාපති කාර්යාලය විසින් නැවත දැනුම්දෙන තුරු ආරුගම් බොක්ක වෙත එහි නිලධාරීන්ට සහ එක්සත් ජනපද පුරවැසියන්ට ද වහා ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඇමෙරිකානු තානාපති කාර්යාලය සුපරීක්ෂාකාරීව සහ අවට පරිසරය පිළිබඳ දැනුවත්භාවයේ වැදගත්කම අවධාරණය කර ඇති අතර, සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ සහජ බුද්ධිය විශ්වාස කරන ලෙසත්, අනාරක්ෂිත යැයි හැඟෙන ඕනෑම තත්වයකින් ඉවත් වන ලෙසත් ය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago