කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලෙන් ඇදවැටී අද අළුයම සිසුවෙක් මියගොස් තිබුණා.
මෙම මියගිය සිසුවා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වී ඇති බව අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවා.
ඊයේ (22) රාත්‍රියේ සිසුවෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් ඔවුන් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඇද වැටුණු සිසුවා අධික ලෙස මත් වී සිට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.
අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා ඇති වූ තත්ත්වයක් උඩ නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් පිටතට ඇද වැටී මෙම අනතුර සිදු වන්නට ඇති බවට විශ්වාස කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
සිදුවීම වූ කාමරය මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමට නියමිත බවත්, රජයේ රස පරීක්ෂකවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාත් මේ වනවිට අදාළ ස්ථානයට කැඳවා ඇති බව ද නිහාල් තල්දූව මහතා පැවසුවා.
කෙසේවෙතත් මෙය සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් වඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙලෙස නේවාසිකාගාරයේ සිව් වන මහළින් ඇඳ වැටී මියගොස් ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ, සිව්වන වසරේ සිසුවෙක් වන ප්‍රින්ස් රාජු බණ්ඩාර නොහොත් සැන්ඩා යන අනුවර්ත නාමයෙන් සරසවිය තුළ හඳුන්වනු ලබන සිසුවෙක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…