ක්‍රිකට්

සිංහ – කොදෙව් දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද !

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (23) පස්වරු 2.30 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

පසුගිය ඉරිදා පැවැති පළමු තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

ඒ අනුව, සත්කාරක ශ්‍රී ලංකාව තරග 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටියි.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම අතිශයින් ම තීරණාත්මක වනු ඇති.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරඟ 66ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකාව වැඩිම තරඟ සංඛ්‍යාවක් වන තරඟ 33ක් ජයගෙන තිබෙනවා.

කොදෙව්වන් තරඟ 31ක් ජය ගෙන ඇති අතර තරඟ 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී පැවති කොදෙව්වන් සමග තරඟ වලින් තරඟ 14ක් දිනා ඇති අතර කොදෙව්වන් මෙරටදී ජයග්‍රණය කර ඇත්තේ තරඟ 08ක් පමණක් බව ක්‍රිකට් වාර්තා පෙන්වා දෙනවා.

අද තරගයේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක මෙහෙයවන අතර ශායි හොප් කොදෙව් කණ්ඩායම මෙහෙයවනු ලබයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

47 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

2 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

4 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

5 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

6 hours ago