දේශපාලන

ජොන්ස්ටන්ගේ BMW මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක් වූ එකක් බව අධිකරණයේදී අනාවරණය වෙයි !

මෙරටදී එකලස් කල ලියාපදිංචි නොකල BMW මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ (23) රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

එලෙස හිටපු අමාත්‍යවරයා සන්තකයේ තබාගෙන සිටි මෝටර් රථය ජාත්‍යන්තර පොලිසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂා කල පසු 2021 වසරේ එංගලන්තයේ සොරකම් කරන ලද්දක් බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණා.

කෙසේ නමුත් මෙම මෝටර් රථය එංගල්න්තයේදී සොරකම් කල එක බව සඳහන් වූවද එම සොරකමට තම සේවාදායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට තරම් කරුණු අනාවරණය වී නොමැති බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් අධිකරණයේ හේතු දැකුවූ ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් පවසා සිටියා. ඒ අනූව තම සේවාදායකයාට විරුද්ධව මුදල් විශුද්ධිකරන පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

විනිසුරුවරයා අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාව ඔක්තෝම්බර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දන්වා සිටියා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago