විදේශ

‘ටාසන්’ චරිතයට පණ දුන් රොන් එලී දිවි සැරිය නිම කරයි !

”‍එන් බි සි”‍ රුපවාහිනී සේවයේ විකාශනය වූ අතිශයින් ජනප්‍රිය ”‍ටාසන් ”‍ ටෙලි නාට්‍ය මාලාවේ ටාසන් ගේ චරිතයට පණ පෙවූ ඇමරිකානු නළු රොන් එලී මිය ගොස් තිබෙනවා.

ඒ බව ඔහුගේ දියණිය විසින් අද ඉන්ස්ටග්‍රැම් සාමාජ මාධ්‍ය ජලය ඔස්සේ නිවේදනය කර තිබුණා.

රොන් එලී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇලමොස් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා මිය ගොස් තිබේ. ඔහු මිය යන විට 86 හැවිරිදි වියෙහි පසුවූ බව විදෙස් මාධ්‍ය පවසයි .

කෙසේ වුවද 1960 දශකයේ ලොව පුරා මිලියන ගණනක ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන තිබු ”‍ටාසන් ”‍ නාට්‍ය මාලාවේ ටාසන්ගේ චරිතයට පණ පෙවූ රොන් ගේ මරණයට මුල් වූ හේතුව අනාවරණය වී නොමැත .

රොන් එලයි ගේ මරණය නිවේදනය කරමින් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාළයේ සටහනක් පළ කර ඇති ඔහුගේ දියණිය වන කර්ස්ටන් කැසෙල් එලයි පවසා ඇත්තේ ”‍ලෝකයට හිටපු විශිෂ්ඨතම මිනිසෙකු අහිමි විය .-මට මාගේ පියා නැති විය යනුවෙනි.

රොනල්ඩ් පියර්ස් එලයි නමින් 1938 වසරේ ජුනි 21 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ උපත ලැබිය. 1957 වසරේදී රංගනයට පිවිසි ඔහු අඩි 6‘ 4ක් උස් වූ අයෙකි . ටාසන් රුපවාහිනී නාට්‍ය මාලාවේ රගපාන අතරතුරදී ඔහුගේ ස්ටන්ට් දර්ශන ඔහු විසින්ම නිරුපණය කිරීම හේතුවෙන් ඔහුගේ අස්ථි ගණනාවකට හානි සිදුව තිබු අතර අවස්ථා කිහිපයකදීම සිංහයන්ගේ සපාකෑම්වලට මුහුණ පා තිබිණි.

ටාසන් ගේ චරිතය නිරුපණය කිරීම හේතුවෙන් ඔහුට ”‍ඩොක් සැවේජ් ”‍ හා ”‍ද මෑන් ඔෆ් බ්‍රෝන්ස් ”‍ (1975 )ඇතුළු චිත්‍රපට 12ක රඟපෑමේ අවස්ථාව උදා විය. ඔහු රංගනයෙන් දායක වූ රුපවාහිනී නාට්‍ය සංඛ්‍යාව 27කි. ඔහු 2014 වසරේදී රංගනයෙන් සමුගෙන තිබු අතර ග්‍රන්ථ රචනයට පිවිස ග්‍රන්ථ කිහිපයක්ම එළිදක්වා තිබිණි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago