ඊයේ (23) සවස මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වූ යාපනයේ තරුණ අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් ( තැපැල් පෙට්ටියෙන් ) මෙවර යාපනයේ උඩුප්පිඩි ආසනය සදහා තරග කර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇති යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ පදිංචි සෙන්තිල්වේල් තමිලියන් නැමති 34 හැවිරිදි මෙම අපේක්ෂකයා මීට පෙර වැල්වෙට්ටිතුරේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් වී දේශපාලන කටයුතු ආරම්භ කර තිබෙනවා.
දින හතරකට පෙර ඔහු හදිසියේම රෝගී වීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇත.
අනතුරුව ඔහුගේ තත්ත්වය උග්රවීම නිසා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් තිබෙනවා.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…