දේශපාලන

සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරුයි – ජනපති !

ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රජයේ වගකීම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බවත් දාළ ප්‍රදේශවල වේගයෙන් ආරක්ෂාව තහවුුරු කිරීමට කටයුතු කළ බවයි අද (24) පුත්තලමේ පැවැති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අනුර කුමාර දිසානායක,

අපි දන්නවා මේ වනවිට ලෝකයේ යම් යුද ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ යුද ගැටුමේ සුළඟ ලෝකයේ තැනින් තැනට හමමින් තිබෙනවා. එහි යම් අවදානම් ලංකාවටත් ඇවිත තියෙනවා. මීට සති දෙකකට පමණ පෙර අපිට වාර්තා වුණා ඇතිවී තිබෙන යුද ගැටුමේ යම් දෙයක් ලංකාවේ සිදුවිය හැකියි කියන එක. අපි අදාළ ස්ථානවල වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා. අපි බුද්ධි අංශ තොරතුරු එනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නෑ. ඒ බුද්ධි අංශ තොරතුරු එනකොට අපේ වගකීම තමයි ඊට අනුරුපව කටයුතු කිරීම. අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.”

එසේම බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් කටයුතු කළ බවත් සැකයට තුඩු දෙන කීප දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago