අපොස සාමාන්‍ය පෙළ (2023) විභාගය පවත්වා මාස 08ක් ගතවී ඇතත් මේ වනතෙක් විභාග රාජකාරි කළ ගුරුවරුන් සඳහා ඊට අදාළ ගෙවීම් සිදුකර නැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
මෙම ගෙවීම් ලබාගැනීම සඳහා ගුරුවරුන් 35,000ක් පමණ සිටින බවත්, ඔවුන්ට සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාද කිරීම නිසා ඉදිරි විභාග රාජකාරිවලට ගුරුවරුන් ඉදිරිපත් වීමට අකැමැත්තක් දැක්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා.
මේ වනවිට රජය මගින් ගුරුවරුන්ට ගෙවීම සඳහා මුදල් වෙන්කර ඇති බව දැනගන්නට තිබෙන බවත් සඳහන් කල ලේකම්වරයා පෙන්වා දුන්නේ විභාග දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව නිසා ගුරුවරුන් සඳහා සිදුකරන ගෙවීම් ප්‍රමාද වන බවට දැනගන්නට තිබෙන බවයි.
මේ අනූව පෙනී යන්නේ විභාග දෙපාර්තමේන්තුවට ප්‍රශ්නයක් නොවන ආකාරයට විභාගයක් පැවැත්වීමේ නොහැකියාව බව ඔහු පෙන්වා දුන්නා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…