ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (ඔක්තෝබර් 26 වැනිදා) අද පස්වරු 4:00ට අවසන් විය. ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වුණු අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 63%ක් විය.
ඒ අනුව, මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන තුළ ම ඡන්ද ගණනය කිරීම ආරම්භ වී තිබේ. ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ, අද රාත්‍රී 10:00න් පසු සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ය.
සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මෙයයි.
පුංචි ඡන්දයක් ලෙස පැවැත්වුණ ද, මහ මැතිවරණ උණුසුම මැද පැවැත්වෙන මෙම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා එක් ස්වාධීන කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂ 8ක් තරග කරනවා.
ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනසෙත පෙරමුණ, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජාතික ජනතා පක්ෂය, දෙවන පෙරමුණ එම පක්ෂ අතරට අයත් ය.
ඡන්ද මධ්‍යස්ථාන 47කදී මේ වන විට ඡන්ද විමසීම පැවැත්වුණා.
මෙම මැතිවරණයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28 දෙනෙකු තොරා පත් කර ගැනීමට නියමිතය.
රටේ අනෙකුත් පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම්වලින් වෙන් ව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වෙන ම පැවැත්වෙන්නේ ඇයි?
අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ, ඒ වන විට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ හෙයිනි.
2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබුණා.
ඒ අනුව, 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ, එම නඩුව අවසන් වන තුරු එම ඡන්දය පැවැත්වීම වළක්වාලමිනි.
2019 වර්ෂයේදී එම පෙත්සමේ අවසන් තීන්දුව ලබා දුන් අතර, එහිදී ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පිළිගෙන නැවත මැතිවරණය පවත්වන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කරන ලදී.
2019 ඔක්තෝබර් 11 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ අතර, ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළා.
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම රටේ අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර පැවැත්වීමට හේතුව කුමක්දැයි බීබීසී සිංහල සේවය මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු පැවසුවේ, එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් නිසා නියමිත කාලයට මැතිවරණය පවත්වන බව ය.
“නඩු තීන්දුව දුන්නයින් පසුව මැතිවරණය පවත්වලා දැන් ඒ නිල කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මැතිවරණය පවත්වන්නේ,” මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.
එහිදී අප විමසුවේ, අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර මෙය පවත්වන්නේ ඇයි ද යන්න ය. එයට කොමසාරිස් ජනරාල්වරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
“ඒ මැතිවරණය ගිය අවුරුද්දෙ පවත්වන්න තිබුණේ. නමුත් ඒක කල් ගියා. ඒකට අපට කරන්න දෙයක් නෑ. දැන් මේ පළාත් පාලන ආයතනය පත්වෙලා අදාළ කාලය ගත වෙලා ඉවර නිසා තමයි මේ නිසි කාලයේදී මැතිවරණය පවත්වන්නේ,” ඔහු පැවසුවා.
2023 පළාත් පාලන මැතිවරණය නොපවත්වා කල් දමන විටත් මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණය සඳහා රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර තිබුණා.
පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ එනම්, 2023 මාර්තු 09 වන දින පැවැත්වීමට සූදානම් කර තිබූ අතර, තැපැල් ඡන්දය සලකුණු කිරීම පෙබරවාරි 22, 23, 24 සහ 28 දින දිනවල පැවැත්වීමට නියමිතව තිබුණා.
නමුත් එම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නියමිත දිනයට සිදුකර ගැනීමට නොහැකි වූ නිසා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කළා.
එම මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ අතර, එයට විරුද්ධව නැවත පෙත්සම් ඉදිරිපත් වුණා.
කල් ගිය පළාත් පාලන මැතිවරණය, මහ මැතිවරණය අවසන් වීමෙන් පසු පැවැත්වීමට බලාපොරොත්තු වන බව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරන ලදී.
2023 මාර්තු 19 වනදාට පසුව පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් වීමත් සමග ම ඒවායේ පාලනය මහජන නියෝජිතයන්ගෙන් ගිලිහී විශේෂ කොමසාරිස්වරුන් අතට පත්වුණා.
ඒ අනුව, මහ නගර සභා 29ක බලය නාගරික කොමසාරිස්වරුන් යටතට පත්ව ඇති අතර නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම ආයතනවල ලේකම්වරුන්ට පැවරී ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…