ඔක්තෝබර් මස 19 වනදා සහ 24 වනදා ඉන්දියාවේ සිට පැමිණි විස්තාරා ගුවන්යානා දෙකක් සඳහා ලැබී තිබූ ව්‍යාජ බෝම්බ තර්ජන හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල, මගීන් සහ කාර්ය මණ්ඩල වල ආරක්ෂාව පිළිබඳ වැඩි කතාබහක් නිර්මාණය වුණා.
කෙසේ වෙතත් ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය නිකුත් කරමින් දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබු එම ගුවන්යානා වෙත ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී තිබීම හේතුවෙන් ආරක්ෂාකාරීව එම යානා වල සිටි මගීන් සහ කාර්ය මණ්ඩල ඉවත්කර එම යානා පරීක්ෂා කිරීමට ආරක්ෂක බලධාරීන් කටයුතු කරනු ලැබුවා.
එමගින් යමෙකු අපහසුතාවයට පත්වූයේ නම් කනගාටුවට පත්වන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පවසන අතර ඉන්දීය ගුවන්යානා විශාල ගණනකට පසුගිය දින කිහිපය තුළ ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී ඇත. ඒ හේතුවෙන් දැඩි ආරක්ෂක පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
එමෙන්ම ඊයේ දිනයේ තුළදී පමණක් ඉන්දීය ගුවන් යානා සඳහා බෝම්බ ඇති බවට ව්‍යාජ දැනුම්දීම් 80ක් පමණ ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මෙම තත්ත්වය හේතුවෙන් මෙම ව්‍යාජ තර්ජන සම්බන්ධයෙන් පණිවිඩ ලබාදෙන පුද්ගලයින්ගේ තොරතුරු ඉල්ලා මෙටා සහ X සමාගම්වලට දැනුම්දීමට ද ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…