දේශපාලන

සිය මිය ගිය ලේකම්වරයා ලොහාන්ගේ බිරිඳගේ නිවසේ සැකකටයුතු වාහනයක් දමා ගිහින් !

සිය බිරිඳට අයත් මිරිහානේ පිහිටි නිවසේ රථ ගාලේ තිබී සොයාගත් අංක තහඩු නොමැති සැකකටයුතු මෝටර් රථය ගැන තමාත් බිරිඳත් කිසිවක් නොදන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

මිරිහාන පොලීසියට ලද තොරතුරකට අනුව මිරිහාන ශාලව පාරේ පිහිටි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් නිවසේ රථ ගාලේ තිබී අංක තහඩු නොමැති සැකකටයුතු මෝටර් රථයක් සොයා ගනු ලබන්න්නේ ඊයේ ය.

ලොහාන් රත්වත්තේ මහතා මිරිහාන පොලීසියට පවසා ඇත්තේ තමාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් තමාටද නොදන්වා මෙම මෝටර් රථය මෙහි ගෙනවිත් දමා ඇති බවය. මෙම මෝටර් රථය කාට අයත් එකක් දැයි තමා නොදන්නා බවද රත්වත්තේ මහතා කීය.

මෝටර් රථය සිය බිරිඳගේ නිවසට ගෙනවිත් දැමුවේ යැයි රත්වත්තේ මහතා පවසන්නේ පසුගිය දා රත්වත්තේ මහතාට අයත් කාර්යාලයක් තුළදී වෙඩි තබාගෙන සියදිවි හානිකර ලේකම්වරයා ගැනය.

මෙම වාහනගේ අගුල් දමා ඇති බැවින් සහ එහි යතුර සොයා ගැනීමට නොමැති නිසා අධිකරණයට කරුණු වාර්තාකර අගුල් කඩා වාහනය සෝදිසි කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම මෝටර් රථයට ලොහාන් රත්වත්තේ හෝ ඔහුගේ බිරිඳ හෝ වෙනත් පාර්ශවයක් මෙතෙක් හිමිකම් නොකියන බැවින් වාහනය ආපදා රථ රැගෙන යන වාහනයක පටවා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

19 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago