එළඹෙන නත්තල් උත්සව සමයේ වැඩි මුදලට විකුණීම සඳහා අප්‍රිකානු සූකර උණ සෑදී මිය ගිය ඌරන්ගේ මස් ශීතාගාර වල තැම්පත් කර ඇති බවට ලද තොරතුරක් හමුවේ ජා- ඇල, වත්තල, ඒකල, මීගමුව කටාන, සීදුව ප්‍රදේශ වල ශීතාගාර පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එම වෛරසය හේතුවෙන් මිය ගින ඌරන්ගේ මස් රු. 100 බැගින් මිලදී ගෙන උත්සව සමයේ රු.1200 බැගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයට ලද තොරතුරක් මත මෙම පරීක්ෂාව සිදු කර තිබෙනවා.
සාමාන්‍යයෙන් එම ශීතාගාර වල තැම්පත් කරන අනෙකුත් මාංශ වර්ග සමග ඌරුමස් ද ගබඩා කර ඇති බවට තොරතුරු ලැබුණු බව ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ඩී. ආර්. ඩබ්. බණ්ඩාර සඳහන් කලා.
කෙසේවෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ ඉහත සඳහන් ප්‍රදේශ වල රෝගය පැතිර යන බැවින් එම ප්‍රදේශ වල සිට වෙනත් පළාත් වෙත ඌරන් හා ඌරු මස් ප්‍රවාහනය කරන්නේ නම් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනිවාර්ය අවසරය ලබාගත යුතු බවට සත්ත්ව නිෂ්පාදන හා පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…