ශ්‍රී ලංකා

අධිකරණයෙන් එළියට ආ ජොන්ස්ටන්ගේ බලාපොරොත්තුව !

අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ භූමියෙන් පිටව ගියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ, අධිකරණයේ දී සත්‍ය හෙළිවිය යුතු බවයි. මේ අතර තමා ඉදිරි මහ මැතිවරණයේ දී තරඟ කරන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවා.

එංගලන්තයෙන් සොරකම් කර ඇති බවට සඳහන් වන එකලස් කළ, මෙරට ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව පසුගිය 23 වනදා අත්අඩංගුවට ගැනුණා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැය 4ක පමණ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවය.

පසුව අධිකරණයට ඉදිරිපත් කළ ඒ මහතා ව අද (30) වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණා. එම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප ලැබුණා.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ ඔහුව රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදාහැරී බවයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago