ශ්‍රී ලංකා

නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට වැඩ වරදින ලකුණු !

රජයේ නිල නිවාස අද (30) වන තෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ අතර හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බවයි, එම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ.

ඒ අතර යහපාලන රජය සමයේ සිටි හිටපු විපක්ෂ නායකවරයෙක් වූ ආර්. සම්බන්ධන් මහතාගේ හා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ නමද ඊට ඇතුළත් වේ. එමෙන්ම රිය අනතුරකින් මිය ගිය හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා භාවිත කළ නිල නිවසද මෙතෙක් භාරදී නොමැති බව වාර්තා වනවා.

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ජානක වක්කුඹුර, හිටපු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියර්දර්ශන ද සිල්වා, හිටපු නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, හිටපු නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අරුන්දික ප්‍රනාන්දු, හිටපු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ නම්ද ඇතුළත් බව වාර්තා වුණා.

රජයේ නිල නිවාස අත්පත් කර ගැනීමේ රෙගුලාසි මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බවයි, සඳහන් වන්නේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago