පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන හෙයින් රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ සඳහන් කරනවා.
නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බවද ආචාර්ය නයනි ආරච්චිගේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
“2023 වර්ෂයේ මුළු පොල් අස්වැන්න ගෙඩි මිලෙන් 1944ක් ලැබිලා තියෙනවා. මේ අවුරුදදේ අපේ පුරෝකථනවලට අනුව අපිට ලැබනේනේ ගෙඩි මිලෙන් 2683ක් වගේ ප්‍රමාණයක්. අපි පළමුවෙනි මුර තුන ගත්තොත් ගිය අවුරුද්දේ ගෙඩි මිලෙන් 1597ක් වගේ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ් ප්‍රමාණය පළමු මුර තුනට 1423ක් වගේ ප්‍රමාණයක්. ඒ අනුව යම්කිසි අඩුවීමක් පළමු මුර තුනේදී දක්නට ලැබෙනවා. පොල් වගා කරන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම අඩු වර්ෂාපතනයක් පැවතීම සහ වැඩි උෂ්ණත්වයක් පැවතීම යන කාරණා දෙක නිසා තමයි මේ අවුරුද්දේ පොල් අස්වැන්නට ප්‍රධාන වශයෙන් අඩු වීමක් තියෙනවා. ලබන වසරේ අප්‍රේල් දක්වා අපි බලාපොරොත්තු වෙනවාට වඩා අඩු අඅස්වැන්නක් තමා ලැබනේනේ.”
රට තුළ පවතින පොල් හිඟය පාලනය කිරීම සඳහා අපනයන අරමුණු කරගනිමින් පොල් මද ආනයනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත් කර ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ සඳහන් කළාය.
“පොල් සංවර්ධන අධිකාරිය මඟින් යෝජනා කරලා තියෙනවා, කොළඹ පොල් ඔප්ෂන් ඒක හරහා යම් ප්‍රමාණයක් අලෙවිය සිදුවන බව. පොල් වෙන්දේසියේ රු 100කට පවත්වාගෙන යන්න කියලා සංවර්ධන අධිකාරියට යෝජනා කරලා තියෙනවා. අපි යෝජනා කරලා තියෙනවා අපනයනය සඳහා අවශ්‍ය පොල් මද ගෙන්වීමට නමුත් ඒ සඳහා තවම අවසර ලැබිලා නෑ.”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…