මතීෂ පතිරණට චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයන් රඳවාගැනීමේ ලැයිස්තුවෙන් දැවැන්ත මිලක් !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2025) වාරයට පෙරාතුව, චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායම විසින් ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 13 කට හෙවත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.56 කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 45කට පමණ) සමාන මුදලකට තවදුරටත් කණ්ඩායමේ රඳවා ගෙන ඇත.

මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එක් වූ දා සිට ඔවුන්ගේ පන්දු යැවීමේ බලඇණියේ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇති හෙයින්, පතිරණගේ සුවිශේෂී දක්ෂතා කෙරෙහි CSK හි විශ්වාසය මෙම තීරණය මගින් අවධාරණය කරයි.

මතීෂ පතිරණට වඩා වැඩි මුදලකට ඊළඟ වාරය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් තවදුරටත් කණ්ඩායමේ රඳවාගෙන ඇති ඉහළම ගෙවීමක් ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ, ඉන්දීය රුපියල් කෝටි 18 බැගින් ගෙවමින්, රටුරාජ් ගයික්වාඩ් සහ රවින්ද්‍ර ජඩේජා ය.

මෙවරද කණ්ඩායමේ නායකත්වය හොබවන මහේන්ද්‍ර සිං දෝණි හට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ගෙවනුයේ ඉන්දීය රුපියල් කෝටි 4ක වටිනාකමක් වීම විශේෂත්වයකි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago