පස්සර අඹතැන්න ගම්මානයේ පැල්පත් නිවසක් අසළ භුමියක ගෙපලක් කපමින් සිටියදී අකුණු සැර වැදීමෙන් පාසල් සිසුවියක මියගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, පස්සර මධ්‍ය මහ විදුහලේ 6 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔබේසේකර මුදියන්සේලාගේ තිලක්ෂි මධුශිකා (11) නැමති සිසුවිය වන අතර ඇයගේ 16 හැවිරිදි වැඩිමහල් සහෝදරයා බරපතල තුවාල ලබා පස්සර දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
මියගිය සහ තුවාල ලැබූ එකම පවුලේ දරුවන් දෙදෙනා තම දෙමාපියන් දෙදෙනා සමග තම පැල්පත් නිවස වෙනුවට නව නිවසක් ඉදිකර ගැනීමට ගෙපලක් කැපීමට උදව් කරමින් සිටියදී වැහි අදුරත් සමග එක්වරම පතිත වූ අකුණු පහරක් වැදී ඇතැයි ද පොලිසිය සදහන් කළේය.
මින් මව පියා කිසිදු තුවාලයක් නොලබා බේරි ඇති බවත් පොලිසිය පැවසීය.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත පස්සර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…