දේශපාලන

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිලිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට !

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිලිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර තිබෙනවා.

අද (01) පස්වරුවේ ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිය පත්වීම ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් පවසන්නේ එහි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය ශ්‍රී ලංකා රජයේ ආරාධනය ආචාර්ය විජයසූරිය විසින් පිළිගෙන ඇති බවයි.

ඒ අනුව ඔහු 2025 ජනවාරි 25 වනදා ආසියාටා සමාගමෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව, ආචාර්ය හාන්ස් ගේ තීරණය ආසියාට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිගෙන තිබෙනවා.

ඔහු ආසියාටා සහ ඊට පෙර එම සමාගම හඳුන්වනු ලැබූ ටෙලිකොම් මැලේසියා හි වසර 30ක් පමණ සිය වෘත්තියේ යෙදී තිබුණා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago