පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබෙනවා.
පුරා වසර 30 ක් පැවති යුද තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබුණා.
යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් එම මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත කෙරුණේ නැහැ.
මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කර තිබුණා.
පසුගිය ඔක්තෝබර් 22 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුකාරවරුන් අතර පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්ද ජනාධිපතිවරයාගෙන් මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කර තිබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ආරක්ෂක තත්ත්වය සොයා බලා ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…