තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසනවා.
පසුගිය සතියේ ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන අධ්‍යාත්මික නායකයා පෙන්වාදී ඇත්තේ සිය රටට සහ ජනතාවට එරෙහිව කටයුතු කරන අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇති බවය.
ටෙහෙරාන් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉරාන විරෝධතාකරුවන් විසින් අත්පත් කරගැනීමේ 45 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවති උත්සවයක් අතරතුර අයතුල්ලා අල්කමේනි මේ බව සඳහන් කර තිබුණි.
1979 වසරේ නොවැම්බර් මස 04 වැනිදා ඉරාන විරෝධතාකරුවන් විසින් අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 50 දෙනෙකු සිය භාරයට ගැනීමේ සිදුවීමෙන් පසු ඉරාන අමෙරිකා සබඳතා ස්ථාවර තත්ත්වයට පත් නොවීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…