කාලගුණය

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් !

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 2 මට්ටමේ නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා හෙට (05) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරැස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක, කිරිඇල්ල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, ඇලපාත, කුරුවිට, කහවත්ත, ගොඩකවෙල, පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago