ශ්‍රී ලංකා

දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 15ක් දිවයිනට !

විදේශ තානාපති සේවය සඳහා දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 15 දෙනකුට වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන විසින් ඔවුනට ඒ බව දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව පහත තානාපතිවරුන්ට නැවත මෙරටට පැමිණෙන ලෙස දන්වා තිබේ.

  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර නිත්‍ය නියෝජිත ලෙස පත්වීම් ලද හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස්
  • බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බෝගොල්ලාගම
  • ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු තානාපතිවරියක වන ෂෙනුකා සෙනෙවිරත්න
  • ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ චිත්‍රාංගනී වාගීෂ්වර
  • ජපානයේ තානාපති ලෙස පත්කළ රොඩ්නි පෙරේරා
  • මැලේසියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන සුමංගල ඩයස්
  • නේපාලයේ තානාපති ලෙස පත්කළ හිටපු ගුවන් හමුදාපතිවරයකු වන සුදර්ශන පතිරණ
  • කියුබාවේ තානාපති ලෙස පත්කළ හිටපු නාවික හමුදාපතිවරයකු වන නිශාන්ත උලුගෙතැන්න
  • පාකිස්තානයේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු නාවික හමුදාපතිවරයකු වන රවීන්ද්‍ර විජේගුණරත්න
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත්කළ උදය ඉන්ද්‍රරත්න
  • කෙන්යාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ වී. කනකනාදන්
  • ශීෂෙල්ස් මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොහොයුරෙකු වන ෂිමාල් වික්‍රමසිංහ
  • ඉරාන තානාපති ලෙස පත්කළ මොහොමඩ් ෂාහිඩ්

ඔවුනගෙන් හිස්වන තානාපති ධුර සඳහා ඉදිරියේදී විදේශ සේවයේ නියුතු පුද්ගලයන් පත්කරන බවට විදේශ අමාත්‍ය විජිත හේරත් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago